දකුණු ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන ගිය පැරණිතම පුද්ගලයා ලෙස සැලකෙන තමිල් අජිත් කුමාර නොහොත් දෙවුන්දර “කුඩු තමිල්” ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොළයේ පිළිකාවකින් බවට තොරතුරු අනාවරණය වී තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටියදී ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුව ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබුණි.
එලෙස ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී තමිල් අජිත් කුමාර නැමැත්තා ඊයේ (04) ජීවිතක්ෂයට පත්විය.
ගුද මාර්ගයේ හටගත් පිළිකාවක් කොන්ද හරහා මොළය දක්වා පැතිර යාම හේතුවෙන් ඔහු මෙලෙස මියගොස් තිබේ.
