ගුරු වැටුප් අරගලයේ දී අත්අඩංගුවට ගත් ගුරුවරු, විදුහල්පතිවරු 44 දෙනාගේ නඩුව පසුගියදා අවසන් විය.
සියලු විත්තිකරුවන් කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් නිදහස් කිරීමට නියෝග කළේය.
2021 වසරේ පැවැති ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කර ගැනීමේ අරගලයේ දී 2021.08.04 දින රථ පෙළපාලිවලින් කොළඹට පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය අසල දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වා ආපසු යමින් සිටියදී මෙම පිරිස විවිධ ස්ථානවලදී අත්අඩංගුවට ගෙන කොළඹ වරාය පොලීසියේ රඳවාගෙන සිට පසුදින කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
