Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දිනකට 30 දෙනෙකුට මරු කැඳවන මාරයා ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අනාවරණයක්

1 year ago

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අනතුරු නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ දිනකට අනතුරු හේතුවෙන් පුද්ගලයන් තිස් දෙනෙකු පමණ ජීවිතක්‍ෂයට පත් වන පසුබිමකයි.

ඒ, අනුව අද දිනයේ සිට ලබන 11 වනදා දක්වා මෙම ජාතික අනතුරු නිවාරණ සතිය ක්‍රියාත්මකයි.

එහිදී අද දිනය මාර්ග අනතුරු වැළැක්වීම සඳහාත් හෙට දිනය සේවා ස්ථානයන්හී අනතුරු වැළැක්වීම සඳහාත් වෙන් කර තිබෙනවා.

එමෙන්ම ජූලි 09 වන දින නිවෙස් සහ වැඩිහිටි නිවාසවලදී අනතුරු වැළැක්වීම, ජූලි 10 වන දින දියේ ගිලීම්වලින් වන අනතුරු වැළැක්වීම සහ ජූලි 11 වන දිනය පාසල්, පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය ලෙසත් ප්‍රකාශයට පත්කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ අනතුරු නිවාරණය සහ කළමනාකරණ පිළිබඳ අංශ ප්‍රධානී ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා සඳහන් කළා.