Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දුමින්ද යළි රිමාන්ඩ්

1 year ago

රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ  සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගත කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා එළැඹෙන ජූලි මස 15 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, ඔහුව අද (07) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අදාළව පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ටාසය මඟින් පසුගිය මැයි 23 වනදින හිටපු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අත්අඩංගුවට ගැනුණා.