Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලන්ච් ශීට් කිලෝග්‍රෑම් 2,210ක් අත්අඩංගුවට

1 year ago

මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා පොලීසියේ බුද්ධි අංශයේ සහාය ඇතිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමග එක්ව සිදුකළ වැටලීමකින් නීති විරෝධී පොලිතීන් ලන්ච්ෂීට් කිලෝග්‍රෑම් 2,210ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය නීති විරෝධී ලන්ච්ෂීට් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක පසුගිය ජුලි 02 වැනිදා සිදු කළ වැටලීමකින් මෙම ලන්ච්ෂීට් තොගය සොයා ගෙන තිබෙනවා.

මධ්‍යම පරිසර අධිකාරියට ලැබුණු රහසිගත තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබුණා.

ජාතික පාරිසරික පනතේ විධිවිධාන අනුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් කර්මාන්තශාලා හිමිකරුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා.