යාපනය මාමුනෙයි ප්රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී කැලෑවක සඟවා තිබූ රුපියල් මිලියන 16 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා තොගයක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ.
උතුරු නාවික විධානයේ නිලධාරීන් පිරිසක් සහ මරදන්කේනි පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව මාමුනෙයි ප්රදේශයේ සිදුකල සෝදිසියකදී අදාල කේරල ගංජා තොගය ගමන්මලු 4 කට දමා කැලෑවක සඟවා තිබියදී සොයාගනු ලැබීය.
මෙම කේරලගංජා තොගය මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ සිට යාපනයට රැගෙනවිත් වෙනත් ප්රදේශයකට ප්රවාහනය කිරීමට සූදානම් කොට තිබියදී නාවික හමුදාව දැක ජාවාරම් කරුවන් විසින් අදාල කේරල ගංජා තොගය සඟවා පලා යන්නට ඇතැයි නාවික හමුදාව සැකපල කරයි.
