2027 වර්ෂයේ පළමු කාර්තුවේ සිට දේපොළ බද්දක් හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කළ සිය කාර්ය මණ්ඩල වාර්තාවේ මේ බව සඳහන් කර තිබේ.
මෙම නව දේපොළ බද්ද පැනවීමට අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග මේ වන විටත් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මේ යටතේ සිදුවන දත්ත එක්රැස් කිරීමේ කටයුතු සැප්තැම්බර් මාසය වන විට අවසන් වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරනවා.
දේපොළ වටිනාකම තක්සේරු කිරීම සහ බදු ගණනය කිරීම සඳහා ඩිජිටල් දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමට නියමිත අතර 2026 වර්ෂය අවසන් වීමට පෙර ඊට අදාළ දත්ත සියල්ල සකස් කර අවසන් කළ යුතු බව ද අදාළ වාර්තාවේ සඳහන්ය.
