ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (08) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.36ක් ලෙස සහ විකුණුම් මිල රු. 305.02ක් ලෙස ඉහළ ගොස් තිබේ.
අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්.
ලංකා බැංකුව – රු. 298.50 – රු. 305.25
ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 294.83 – රු. 305.01
කොමර්ෂල් බැංකුව – රු. 295.80 – රු. 304.25
සම්පත් බැංකුව – රු. 297.75 – රු. 304.25
අමානා බැංකුව – රු. 298.90 – රු. 303.90
