Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි! 3කට තුවාල!

1 year ago

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් තුනේ කණුව ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී අනතුරකට ලක්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ කතරගම වන්දනාවේ ගොස් නැවත පැමිණෙමින් සිටි පිරිසක් රැගත් ත්‍රීරෝද රථයක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුර සිදු වන අවස්ථාවේ රියදුරු සහ කාන්තාවන් දෙදෙනෙකු එහි ගමන් කරමින් සිට ඇති අතර අනතුරින් ඔවුන් තිදෙනාම තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ අතරින් බරපතළ තත්ත්වයේ සිටි අයෙක් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර ‍යවා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය විසින් විමර්ශන සිදු කරනු ලබනවා.