හැටන් සිංගිමලේ ජලාශයට ඇදවැටී අතුරුදන්ව සිටි පාසල් සිසුවාගේ සිරුර අද (9) පස්වරුවේ ගොඩට ගත්තේය.
රංගල නාවික හමුදා කඳවුරේ කිමිදුම්කරුවන් විසින් එම ජලාශයේ ගැඹුරු ස්ථානයක තිබී මෙම සිරුර සොයාගනු ලැබීය.
මෙසේ ගොඩ ගනු ලැබුවේ කොටගල කේම්බ්‍රිජ් දමිළ මහ විද්‍යාලයේ 13 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවෙකුගේ සිරුරයි.
එම සිසුවා ඔහුගේ මිතුරන් 06 දෙනෙකු සමග ඊයේ (08) දින පස්වරුවේ ඡායාරූප ගැනීම සදහා ජලාශයට ඉහළන් වූ සිංගිමලේ රක්ෂිතයට අතුල් වී ඡායාරූප රැගෙන ජලාශයේ වේල්ල දිගේ ගමන් කරමින් සිටියදි ජලාශයේ වතුරෙන් පය සේදීමට උත්සහ කිරිමේදි සිසුවා ජලාශයට ඇද වැටී අතුරුදහන් වී තිබේ.
ගොඩගත් සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වනු ලබනවා.
