Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

sri lanka police

පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට! තවත් පොලිස් නිළධාරියෙක් පලා යයි! 

1 year ago

අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙකු අද (09) දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය නඩුවකට අදාළව නීතිය ක්‍රියාත්මක නොකර සිටීම සඳහා අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා හා තවත් නිලධාරියෙකු එම සැකකරුවන්ගෙන් ලක්ෂ 2ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා තිබුණා.

ඉන් රුපියල් 20,000ක් මුදලක් අදාළ පොලිස් නිලධාරීන් ප්‍රථමයෙන් ලබාගෙන ඇති අතර, ඉතිරි රුපියල් 180,000ක මුදල ලබාගැනීම සඳහා පැමිණි අවස්ථාවේ දී අල්ලස් කොමිසමේ නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබෙනවා.

එහිදී එක් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් පොලිස් නිලධාරියා එම ස්ථානයෙන් පලාගොස් ඇති බව සඳහන් වනවා.

අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් නිලධාරියා මූලික පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතයි.

පලාගිය පොලිස් නිලධාරියා සහ සිද්ධියට සම්බන්ධ අනෙකුත් පාර්ශවය සොයා අල්ලස්  කොමිසම වැඩිදුර විමර්ශන සිදු කෙරේ.