මාතර සිට නුවරඑළිය බලා ධාවනය වූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70ක පමණ ප්රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් තරුණයින් අට දෙනෙකු බරපතල තුවාල ලබා නුවරඑළිය දිස්ත්රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අද (10) අලුයම 5:00ට පමණ හැටන් – නුවරඑළිය ප්රධාන මාර්ගයේ නානුඔය වටරවුම ආසන්නයේ ඩෙස්ෆෝඩ් වත්ත ප්රදේශයේදී මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් තුවාල ලැබූ පිරිස ඩෙස්පෝඩ් ප්රදේශයේ වතුකම්කරුවන් ඇතුලු ප්රදේශවාසීන් එක්ව ගොඩගෙන රෝහල් ගත කිරිමට පියවර ගෙන ඇත.
මෙම අනතුරින් වෑන් රථයටද දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.
