ඊශ්රායලයේ ආපනශාලා අංශයේ රැකියා සඳහා ශ්රි ලාංකිකයින්ට රැකියා ගිවිසුම් මේ දිනවල ලැබෙමින් පවතින අතර, ලාංකිකයින් 600ට අධික පිරිසක් සඳහා රැකියා ගිවිසුම් මේ වන විට ලැබී තිබේ.
ජූලි මස 14 වන දින දක්වා මෙම රැකියාවලට අදාළ ගිවිසුම් ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පරිශ්රය තුළදී අත්සන් කිරීමට නියමිතය.
ඉන් අනතුරුව ඔවුන් දින තුනක පෙර විගමණික පුහුණුව සඳහා යොමුකර, එය අවසන්වීමෙන් පසු කඩිනමින් ඔවුන් ඊශ්රායලයේ රැකියා සදහා පිටත් කර හැරීමට කටයුතු යොදා ඇත.
එසේම ඊශ්රායලයේ ආපනශාලා ක්ෂේත්රයේ රැකියා සදහා පිටත්ව ගිය පළමු කණ්ඩායම ලෙස රැකියාලාභීන් 90 දෙනෙකු ජූලි 06 හා 07 යන දෙදින ඊශ්රායලය බලා පිටත්ව ගියහ.
මේ අතර, ඊශ්රායලයේ ඉදිකිරීම් ක්ෂේත්රය යටතේ ක්රියාත්මක වන ප්රතිසංස්කරණ උප ක්ෂේත්රයට අදාල රැකියා සඳහා දින දෙකක් තුළදී තරුණයින් 99 දෙනෙකු යොමුකිරීමට කාර්යාංශය පියවර ගෙන තිබේ.
මෙම ශ්රමිකයින් Renovation General Work, Ceramic Tiling, Plastering Work යන රැකියා කාණ්ඩ සඳහා පිටත්ව ගිය අතර, ඉන් 49 දෙනෙකු ජූලි මස 8 වන දින හා තවත් 50 දෙනෙකු ජූලි 9 වන දින ඊශ්රායලය බලා පිටත්ව ගියහ.
මෙම රැකියා කාණ්ඩයට අදාළව ශ්රමිකයින් ඊශ්රායලය වෙත යොමුකිරීම 2025.03.19 දින ආරම්භ කරන ලද අතර, එතැන් සිට මේ දක්වා ලාංකිකයින් 521 දෙනෙකු අදාළ රැකියා සඳහා ඊශ්රායලය වෙත යොමුකර තිබේ.
