රට පුරා බන්ධනාගාරවල ධාරිතාව 12,000ක් වුවද, දැනට සිරකරුවන් 33,000ක් පමණ රඳවා සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ කොළඹ දී ඊයේ (9) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
නමුත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ නිලධාරීන්ගේ හිඟයක් පවතින බවයි ඔහු සඳහන් කළේ.
දෙපාර්තමේන්තුව යටතේ ඇති බන්ධනාගාර 36ක ධාරිතාව 12,000ක් වුවද, රැඳවියන් 33,000කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවේ පසුවන බැවින් ඔවුන් බොහෝ අභියෝගවලට මුහුණ දෙන බව කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළා.
ඔවුන්ගෙන් 65%ක් මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි හේතුවෙන් සිරගත කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
