Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිංගිමලේ ජලාශයේ ජලය ලබා ගැනීම තාවකාලිකව නතර කරයි

1 year ago

හැටන් ජාතික ජල සම්පාදන සහ ජල ප්‍රවාහන මණ්ඩලයට ජලය ලබා ගන්නා හැටන් සිංගිමලේ ජලාශයෙන් ජලය ලබා ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඉකුත් 8වනදා පාසල් සිසුවෙකු වැටී ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් එදින සිට මෙම තීරණය ගෙන ඇති බව හැටන් ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ වැඩබලන නිළධාරි ලාල් විජේනායක මහතා පැවසුවා.

අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි තිළිණි මහත්මිය ඇතුළු හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා එම ජලාශයෙ ජලය පානීය ජලය ලබාගැනීම සුදුසුද යන්න පිළිබදව සොයා බැලීමට එම ජලාශයේ නිරික්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේ ලාල් විජේනායක මහතා මේ බව පවසනවා.