මාතර මහානාම පාලමෙන් පැන දිවි හානිකර ගැනීමට තැත් කළ 94 හැවිරිදි පුද්ගලයෙකු යුද්ධ හමුදා භට පිරිස් විසින් ක්ෂණිකව ක්‍රියාත්මක වී බේරාගෙන තිබෙනවා.
ඊයේ (10) පස්වරු 2 ට පමණ මෙම සිදුවීම සිදුව අති බවයි වාර්තා වන්නේ.
3 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් විසින් දිවි හානිකර ගැනීමට තැත් කළ පුද්ගලයාව වහාම මුදවාගෙන මාතර මහරෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
