Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වසර 35කට පසු සේවකයින් බඳවාගැනීමේ ක්‍රියාවලිය වෙනස් කිරීමට ඛනිජ තෙල් සංස්ථාව තීරණය කරයි! සේවකයින් සංඛ්‍යාවත් පහළට!

1 year ago

ලංකා ඛනිජ තෙල් සංස්ථාව වසර 35කට පසු පළමු වරට එහි සේවක බඳවා ගැනීමේ ක්‍රියාවලියට සැලකිය යුතු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් සිටින බව එහි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා පවසනවා.

සංස්ථාවේ ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් දිගුකාලීන ගැටළු විසඳීම සඳහා මෙම පියවර ගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ. 

මෙම ප්‍රතිසංස්කරණවල ප්‍රධාන කොටසක් ලෙස ශ්‍රම බලකායේ සැලකිය යුතු අඩුවීමක් සිදුවන වන බවයි ඔහු සඳහන් කළේ.

2012 සිට බඳවා ගත් සේවකයින් 3,000ක් පමණ ඔවුන්ගේ තනතුරු සමාලෝචනය කරනු ලබන බවත්, ශ්‍රම බලකාය “අත්‍යවශ්‍ය සේවකයින්” 2,031ක් දක්වා අඩු කරන බවත්, ඔහු තහවුරු සඳහන් කළා.