දේශිය කිරිපිටි මිල ඉහළ දැමීමට මේ දක්වා තීරණයක් ගෙන නොමැති බව මිල්කෝ ආයතනයේ සභාපති හේමජීව ගෝඨාභය පවසනවා.
ඔහු සඳහන් කළේ, වෙළෙඳපොළ හැසිරීම මත ඉදිරියේ දේශිය කිරිපිටි මිල සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.
ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල සියයට 8කින් පමණ ඉහළ යාම හේතුවෙන් ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය ඊයේ තිරණය කළා.
