Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අවුරුදු 25කට ඇතුළට ගිය හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දක්වන්න දින දෙයි

1 year ago

කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී මේ වන විට බරපතල වැඩ සහිත වසර 25 ක සිර දඬුවම් නියම වී සිටින තමන් එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු ඉදිරිපත් කළ අභියාචනය සම්බන්ධයෙන් අගෝස්තු මස 25 වනදා කරුණු දක්වන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා.

සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරයාගේ ඇප ඉල්ලීම අද මහේෂ් වීරමන්, ප්‍රදීප් අබේරත්න සහ අමාළි රණවීර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී සිරදඬුවම් නියම වී සිටින නලින් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා තමන්ට නියම වී තිබෙන සිර දඬුවමට හා දඩ මුදල් වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළා.

එම අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු තම සේවා දායකයා ඇපමත මුදාහරිණ ලෙසයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ මඩුල්ල මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අගෝස්තු මස 25 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස අල්ලස් කොමිසම වෙත නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළා.