Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හරක් කටාගේ බිරිඳ මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන නෑ

1 year ago

මැලේසියාවේදී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ සමඟ විවිධ අපරාධවලට සම්බන්ධ තවත් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා. 

කෙසේ වෙතත් මෙම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් මැලේසියාව විසින් ශ්‍රී ලංකා පොලිසියට තවමත් නිල වශයෙන් දැනුම් දී නැහැ. 

ගණේමුල්ල සංජීව ඝාතනය ඇතුළු මෙරට සිදුවු ඝාතන රැසකට සම්බන්ධ ප්‍රධාන පෙලේ පාතාල කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බවට ඊයේ තොරතුරු වාර්තා වුණා. 

කෙහෙල්බද්දර පද්මේ සමඟ කමාන්ඩෝ සලින්ත නැමති අපරාධකරුද අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වු අතර, කමාන්ඩෝ සලින්ත සැලකෙන්නේ කෙහෙල්බද්දර පද්මේගේ උපදෙස් මත ගණේමුල්ල සංජීව ඝාතනය මැලේසියාවේ සිට සැලසුම් කළ පුද්ගලයා ලෙසටයි. 

ඔවුන් දෙදෙනාට අමතරව දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාගේ බිරිඳ වන මහේෂිකා මධුවන්ති ද අත්අඩංගුවට ගෙන ඇති බවට මීට පෙර තොරතුරු වාර්තා වුවද එම තොරතුරු අසත්‍ය බව ඇගේ නීතිඥයින් හිරු ප්‍රවෘත්ති වෙත දැනුම්දුන්නා. 

නීතිඥයින් පැවසුවේ ඇය මේ වන විට නිවසේ සිටින බවයි. 

පොලිස් ආරංචිමාර්ගවලට අනුව ඔවුන් මැලේසියා පොලිසියේ අත්අඩංගුවට ගෙන තිබුණේ මැලේසියාවේ සිට දේශ සීමා උල්ලංඝතනය කරමින් තායිලන්තයට පලා යෑමට සූදානම්ව සිටියදීයි. 

කෙහෙල්බද්දර පද්මේ සමඟ සිටි තවත් අපරාධකල්ලි සාමාජිකයෙකු විසින් මැලේසියා ආරක්ෂක අංශ වෙත ලබාදුන් තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වන්නේ කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මැලේසියාව නිල වශයෙන් මෙරටට දැනුම් නැහැ. 

(source – hiru news)