Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පවුලේ ගැටුම දුර දිග යයි! එස්.අයි බිරිය රෝහලට! එස්.අයි සැමියා කූඩුවට!

1 year ago

උප පොලිස් පරීක්ෂකවරියක් වූ සිය බිරිය පිහියකින් කපා තුවාල කළ බව කියන උප පොලිස් පරීක්ෂක සැමියා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රභූ අරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරන සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා ඉකුත් (09) වැනිදා අත්අඩංගුවට ගත් බවයි ගල්කිස්ස පොලිසිය පවසන්නේ.

කැපුම් තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරිය රෝහල්ගත කර තිබෙන බවද පොලිසිය පවසනවා.

නිවසේදී ඇතිවූ බහින්බස් වීමක් මත සැමියා විසින් පිහි පහර එල්ලකර ඇති බව අනාවරණය වූ බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.