2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම, දෙවන ස්ථාන නම් නොකළ හේතුව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව ඊයේ(11) කරුණු පැහැදිලි කිරීමක් සිදු කළා.
විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵලවලින් බලාපොරොත්තු වන්නේ ළමුන් ජ්‍යෙෂ්ඨ ද්වීතික අංශයේ දෙවන අවදියට යොමු කරමින් උසස් පෙළ විභාගයට අවස්ථාව ලබාදීම පමණක් බවයි.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විභාග කොමසාරිස් ජනරාල්වරිය මේ බව පැවසුවා.
