Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ග්‍රයින්ඩර තලයක් කැඩී විසිවී පපුවේ වැදීමෙන් පාසල් සිසුවෙකු අවාසනාවන්ත ලෙස මිය යයි

1 year ago

ගයින්ඩරයක් මගින් පී.වී.සී. බටයක් කපමින් සිටියදී එහි තලයක් කැඩී ගොස් සිසුවෙකුගේ පපුවේ වැදීමෙන් බරපතල තුවාල ලැබූ සිසුවා රෝහල් ගත කිරීමෙන් පසු අද (11) මියගොස් ඇති බව කටාන පොලිසිය පවසයි.

අවුරුදු 15ක දරුවෙක් මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි කටාන පොලිසිය පැවසුවේ. 

මෙම සිසුවා ඊයේ (11) පෙරවරුවේ ඥාතියෙකුට අයත් එම වැඩපොළට ගොස් ග්‍රයින්ඩරයක් ආධාරයෙන් පී.වී.සී. බටයක් කැපීමට උත්සාහ කළ බවයි පැවසෙන්නේ. 

එහිදී දී ග්‍රයින්ඩරයේ තලය කැඩී විසිවී ළමයාගේ පපුව පසාරු කරගෙන ගොස් තිබෙන බව පැවසෙනවා. 

දේහය සම්බන්ධයෙන් පශ්චත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරති.