ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් කුරුණෑගල පිහිටි තොග ගබඩා පර්යන්තය වෙත ඉන්ධන ප්රවාහනය කිරීමට බවුසර් රථ යොදා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමට තීරණය කිරීම ගැටලු සහගත බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සභාපති ඒ. එම්. එච්. අධිකාරී පවසනවා.
තම සංගමයට දැඩි ලෙස අසාධාරණයක් සිදුවන බවයි ඔහු සඳහන් කළේ.
මෙලෙස ටෙන්ඩර් කැඳවීම හරහා තම සංගමයෙන් පිටස්තර පුද්ගලයෙක් වෙත ටෙන්ඩරය ලැබුණහොත් ඒ හරහා යම් ඒකාධිකාරයක් ගොඩනැගිය හැකි බවද ඔහු අවධාරණය කරනවා.
ඒ අනුව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
මෙම ගැටලුව සඳහා කඩිනමින් විසඳුමක් ලබා දෙන ලෙස ඔහු ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉල්ලා සිටිනවා.
