Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල අද සිට පහත හෙලයි

4 years ago

සතොස හරහා අලෙවි කරන සහල්, පරිප්පු ඇතුළු භාණ්ඩ වර්ග රැසක මිල අද(09) දිනයේ සිට පහත දැමීමට එම ආයතනය කටයුතු කර තිබෙනවා.

එසේම අඩු ආදායම් ලාභී වතුකර ජනතාව ජීවත් වන ප්‍රදේශවල සතොස අලෙවිසැල් හරහා පාන් පිටි කිලෝවක් රුපියල් 310 කට අලෙවි කිරීමට කටයුතු කර ඇති බවයි එහි සභාපති පසඳ යාපා අබේවර්ධන සඳහන් කළේ.

නව මිල පහතින්

ආනයනික සුදු කැකුළු 1KG  – රුපියල් 195 සිට 185 දක්වා (රු.10කින්)

ආනයනික සුදු නාඩු 1KG  – රුපියල් 198 සිට 194 දක්වා (රුපියල් 04 කින්)

රතු පරිප්පු 1KG  – රුපියල් 460 සිට 429 දක්වා (රුපියල් 31 කින්)

සුදු සීනී 1KG  – රුපියල් 298 සිට 279 දක්වා (රුපියල් 19 කින්)

හාල්මැස්සන් 1KG – රුපියල් 1377 සිට 1352 දක්වා (රුපියල් 25 කින්)

සුදුළුණු 1 KG – රුපියල් 750 සිට 595 දක්වා (රුපියල් 155 කින්)

වටානා 1 KG – රුපියල් 375 සිට 315 දක්වා (රුපියල් 60කින්)