අද (14) උදෑසන මහරගම නාවින්න ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
එම අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයන් හතර දෙනෙකු ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.
නාවින්න පිහිටි බස්රථ නැවතුන් පොළේ සිට ප්‍රධාන මාර්ගය දෙසට එක් බස් රථයක් ඇතුළු කිරීමේදී, ප්‍රධාන මාර්ගයේ මහරගම දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ තවත් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
මහරගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
