භාතිය හස්තියාට පුරා දින නවයක ප්‍රතිකාර වලින් පසු සිටින ස්ථානයේම අනික් පසට පෙරළීම අද දින සිදු කළේය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පසු වෛද්‍ය අංශයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතාගේ වෛද්‍ය උපදෙස් මත එම කටයුතු සිදු කෙරිණි.
භාතිය හස්තියා රෝගීව ඇවිද ගත නොහැකිව මහව මානින්ගමුව පොල්පිතිගම කැලෑබද ප්‍රදේශයක වළක වැටී සිටින මෙම හස්තියාගේ දකුණු පාදයට තුවාල සිදු ව ඇත. වලහි වැතිරී සිටින හස්තියාට නැගීමට හෝ ඇවිද යාමට නොහැකිව සිටියි.
අද දින උදේ වරුවේ ඇතා වැතිරී සිටින වල ජලයෙන් පුරවනු ලැබීය. එම ජලය තුළ දැලක ආකාරයෙන් දොඹකරයක් මගින් ඇතා අනෙක් පසට පෙරළීම සිදු කරන ලදී.
පැය දෙකක පමණ වෙහහෙසක් දරා හස්තියා සිටි ඉරියව්ව වෙනස් කිරීමට කටයුතු කළ අතර, තවමත් යහපත් සෞඛ්‍ය මට්ටමක මෙම සත්වයා නොසිටියත් ඉදිරියේ දී සිදුකරනු ලබන ප්‍රතිකාරවල දී සත්වයාගේ සෞඛ්‍ය මට්ටම තරමක් යහපත් වනු ඇති බවට බලාපොරොත්තුවන බවයි වෛද්‍ය කණ්ඩායම් සඳහන් කළේ.
