Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ස්පා එකකින් අල්ලස් ගත් හිටපු සහකාර පොලිස් අධිකාරී 14 වසරකට මහ උළුගෙට

1 year ago

සම්බාහන මධ්‍යස්ථානයක් කරදරයකින් තොරව පවත්වාගෙන යෑම සදහා එහි හිමිකාරියගෙන් රුපියල් 30,000ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවන්ට වරදකරුවූ වෙන්නප්පුව හිටපු සහකාර පොලිස් අධිකාරීවරයාට වසර 14ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 30,000 මුදල යළි අයකර ගැනීමටද නියම කර තිබෙනවා. 

වරදකරුවන් අත්අඩංගුවට ගෙන නීතීය ක්‍රියාත්මක කිරීමට යොදවා සිටියදී මීට වසර 07කට පෙර කළ වරදක් සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව වූ චෝදනාවන් පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි  තීරණය කරමින් විත්තිකරුට අදාළ දඬුවම් නියම කළ විනිසුරුවරයා රුපියල් 30,000ක දඩයකටද විත්තිකරු යටත් කළා. 

2018 බෙරවාරී 08 වැනිදා හෝ ඊට ආසන්න දිනයක වෙන්නප්පුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් කරදරයකින් තොරව පවත්වාගෙන යෑම සදහා එහි හිමිකාරියගෙන් රුපියල් 40,000ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 30,000ක් ලබාගැනීම ඇතුළු චෝදනා 06ක් යටතේ අල්ලස් කොමිසම විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබුණා. 

සිද්ධිය සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරු මීට වසර 07කට පෙර වරදකරුවන් අත්අඩංගුවට ගෙන නීතීය ක්‍රියාත්මක කිරීම සඳහා වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරීවරයා වශයෙන් සේවයේ යොදවා සිටියදී පැමිණීලිකාර කාන්තාව වෙන්නප්පුව නගරයේ පවත්වාගෙන ගිය ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානය කරදරයකින් තොරව පවත්වාගෙන යෑම සඳහා රුපියල් 40,000ක මුදලක් ඉල්ලා අති බව පසුව එම මුදල රුපියල් 30,000 දක්වා අඩුකර ඇති බවත් අනාවරණය වී තිබේ.

ඒ පිළිබඳව ඇය අල්ලස් කොමිසමට කළ පැමිණීල්ලකට අනුව කළ වැටලීමකදී විත්තිකරු රුපියල් 30,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත්, විත්තිකරුට එරෙහි චෝදනාවන් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවත්, දීර්ඝ නඩු විභාගය අවසානයේදී විනිසුරුවරයා තීන්දුවේ සඳහන් කර ඇත.

ඒ අනුව අදාළ දඬුවම් නියම කළ විනිසුරුවරයා දඩ සහ දණ්ඩන මුදල් නොගෙවුවහොත් අමතර සිරදඬුවම්ද නියම කර තිබෙනවා.