Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රාජ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා විරෝධතාවක්

1 year ago

රාජ්‍යයට විශිෂ්ට සේවයක් සැපයීම උදෙසා රාජ්‍ය සේවකයාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස රජයෙන් ඉල්ලමින් නෙළුව ප්‍රදේශීය සභාවේ සේවකයින් නෙළුව ප්‍රාදේශීය සභාව ඉදිරිපිටදී විරෝධතාවක නියැලී තිබේ.

ඒ නෙළුව ප්‍රාදේශීය සභාවේ පරිසර නිලධාරියෙකුට පහරදීමේ සිද්ධියකට එරෙහිවයි.

එහිදී මෙම විරෝධතාවට සහාය පළ කරමින් ගොවිජන සේවා නිලධාරීන්ද විරෝධතාවයට එක්ව සිටියහ.

නෙළුව ප්‍රාදේශීය සභා සේවකයින් ප්‍රාදේශීය සභාවේ මොරවක මාර්ගයේ සිට වටරවුම දක්වා පැමිණි අතර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ පිරිස පැලවත්ත මාර්ගයෙන් වටරවුම දෙසට පැමිණ දෙපාර්ශවය නෙළුව බස් නැවතුම්පල දක්වා පැමිණ නිහඬ විරෝධතාවයේ යෙදී සිටියහ.