Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද ජීප් රථයක් හමුවෙයි

1 year ago

නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද ජීප් රථයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩබලන පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලීසිය සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළවයි මෙම ජීප් රථය සොයා ගෙන ඇත්තේ.

ඊයේ (14) දහවල් කාලයේ මුල්ලේරියාව පොලිස් වසමේ හිඹුටාන ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබුණා.

ජීප් රථය සන්තකයේ තබාගෙන සිටි සැකකරු අත්අඩංගුවට ගෙන මුල්ලේරියාව පොලීසිය වෙත ඉදිරිපත් කර ඇති අතර එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 53 හැවිරිදි හිඹුටාන, මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.