Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වෛද්‍ය මහේෂි විජේරත්නට ඇප

1 year ago

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන් වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය නමැති වරද සිදු කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. 

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

ඒ අනුව සැකකාරිය රුපියල් 50000/- ක මුදල් ඇප සහ රුපියල් මිලියන පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළා.

සැකකාරියට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළුවීමද තහනම් කෙරුණු අතර, විදේශ ගමන් තහනම් කිරීමට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.