මහියංගන බදුල්ල මාර්ගයේ මාපාකඩවැව, 17 කණුව අසලින්, ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් කාර් රථයක් “මහවැලි වියානා ඇළ” ට පෙරලීම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකූ මියගොස් තිබෙනවා.
අද උදැසන 06.50 පමණ මෙම අනතුර සිදු ව්වි ඇති අතර මාපාකඩවැව පොලිස් අභ්‍යාස විද්‍යාලීය නිළධාරීන් මහියංගණ පොලිසිය හා ගම්වාසීන් ඒක්ව කඩිනමින් වියානා ඇළට පෙරළුන කාර් රථය ගොඩට ගෙන තිබෙනවා.
එම අවස්ථාවේදී රථය තුළ පුද්ගලයන් දෙදෙනෙකු සිට ඇති අතර ඔවුන්ව කඩිනමින් ගිලන් රථයක් මහින් මහියංගණ මුලික රෝහලට රැගෙන ගියද ඒ් වන විටත් ඒ් දෙදෙනා මියගොස් සිටි බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කර සිටියේ
කාර් රථයේ සිටි පුද්ගලයන් දෙදෙනා මොණරාගල ඔක්කම්පිටියේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකි.
අනතුර සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු මහියංගණ පොලිසිය විසින් සිදුකරනු ලබනවා.




