තංගල්ල පොලිසියේ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කල උප පොලිස් පරීක්ෂකවරයෙකු තංගල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ තංගල්ල මූලස්ථාන පොලිසියේ සේවය කරන කාන්තා පොලිස් කොස්තාපල්වරියකට පරුෂ වචනයෙන් බැන වැදී ලිංගික අඩන්තේට්ටම් සිදුකිරීම සම්බන්ධයෙන්.
එම නිළධාරිනිය විසින් ඉකුත් 12 දා ළමා හා කාන්තා කාර්යාංශයට කල පැමිණිල්ලක් අනුව සැකපිට මෙම උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සමබන්ධයෙන් කාන්තා පොලිස් කොස්තාපල්වරිය තංගල්ල සහකාර පොලිස් අධිකාරිවරයා වෙතද පැමිණිලි කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අද තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
