2023 වසරේ ජූලි මස 5 වැනිදා ගත් අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව පාසැල් ජල බිල්පත් ගෙවීම සම්බන්ධ චක්‍රලේඛයේ ප්‍රතිපාදන මේ වසරේ ජනවාරි මස 1 වැනිදා සිට අදාළ බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.
පසුගිය 7 වැනිදා දිනැතිව නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙන්නේ රාජයේ පාසැල්වල සහ පිරිවෙන්වල ශිෂ්‍යයෙකුගේ මෙන්ම, අධ්‍යයන සහ අනධ්‍යයන සේවකයෙකුගේ මාසික ජල පරිභෝජනය ලීටර් 400ක් බවට ගණනය කර ඇති බවයි.
එම ගණනයට අනුව අදාළ පාසැලේ මාසික ජල පරිභෝජනය ගණනය කරනු ලබන අතර, ඊට යටත්ව සිදුවන ජල පරිභෝජනයට අදාළ ගාස්තු රජය විසින් ගෙවනු ලබනවා.
සම්මත ජල පරිභෝජනය ඉක්මවා යන්නේ නම් වැඩිවන ජල පරිභෝජනයට අදාළ ගාස්තු පාසැල් සංවර්ධන සමිතිය මගින් සහ පිරිවෙනක් නම් වාර්ෂික ආධාර මුදලින් හෝ පිරිවෙන් සංවර්ධන අරමුදලින් ගෙවිය යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
2023 වසරේ ජූනි මස 01 වැනිදා සිට 2024 දෙසැම්බර් මස 30 වැනිදා දක්වා ඇති හිඟ ජල බිල්පත් ගෙවීම ද එම ක්‍රමවේදයටම සිදුවන බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
හිඟ මුදල් එකවර ගෙවීමේදී මූල්‍යමය අපහසුතාවක් පවතින්නේ නම් ඒ සම්බන්ධයෙන් අදාළ ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාලවල නිලධාරීන් හමු වී සහන කාලයක් ලබා ගැනීමට ඉල්ලීම් කළ හැකි බව ද එහි සඳහන්.
