Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උඩුකය නිරුවතින් ගමන් කළ විදෙස් කතට නියම වූ දඩුවම

1 year ago

උඩුකය නිරුවතින් මාර්ගයේ ගමන් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තායිලන්ත ජාතික තරුණියට මාසයයි සතියක සිර දඩුවම් නියම කර එය වසර පහකට අත්හිටුවා තිබෙනවා.

ඇය අද (15) පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

පොලිසිය සදහන් කළේ, 26 හැවිරිදි මෙම තරුණීය එහිදී වරද පිළිගත් බවයි.

ඒ අනුව, ප්‍රධාන මාර්ගයේ අවිනීතව හැසිරීම සහ මහජනතාව පීඩාවන අයුරින් කටයුතු කිරීම යන චෝදනා දෙකට වෙන් වෙන්ව සති දෙකක සහ මාසයක සිර දඩුවම් නියම කර එය වසර 05 කට අත්හිටුවීමට පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

සිය පෙම්වතා සමග ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම විදෙස් කාන්තාව මෙලෙස හැසිරී ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

ඊයේ දහවල් මෙම විදෙස් කාන්තාව එක් හෝටලයක සිට තවත් හෝටලයක පිවිසුම දක්වා උඩුකය නිරුවතින් ගමන් කරන අකාරය දැක්වෙන ඡායාරුපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා.

ඉන් අනතුරුව ඇයව  පොතුවිල් පොලිස් ස්ථානයේ කාන්තා කාර්යංශයේ නිළධාරිනියන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.