Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කහවත්තේ තරුණයෙක් දණගස්වා ඝාතනය කළ සැකකරුවන් 4කට දුන් නියෝගය

1 year ago

කහවත්ත ප්‍රදේශයේදී තරුණයෙකු දණගස්වා වෙඩි තබා ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනවලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනාගෙන් දෙදෙනෙකු දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට හෝමාගම වැඩබලන මහෙස්ත්‍රාත් ප්‍රියංකා මද්දුම පටබැඳි මෙනවිය පොලීසියට අද (16) අවසර ලබාදී තිබේ.

අනෙක් සැකකරුවන් දෙදෙනා හෙට (17) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හෝමාගම වැඩබලන මහෙස්ත්‍රාත්වරිය නියෝග කළ අතර ඒ අනුව ඔවුන් දෙදෙනා හෙට පැල්මඩුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අදාළ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් 4 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබූ අතර තරුණයින් පැහැර ගැනීම සඳහා යොදා ගත් ජීප් රථයද සොයාගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය පවසයි.