Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සෞදි අරාබියෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත සහනයක්

1 year ago

ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ ශ්‍රී ලංකා රජය සහ සෞදි සංවර්ධන අරමුදල (SFD) අතර ද්විපාර්ශ්වික සංශෝධන ණය ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා සිදුවුණා.

එහි මුළු ප්‍රතිව්‍යුහගත ණය වටිනාකම සෞදි රියාල් (SAR) 516,951,065.02 ක් වනවා.

වර්තමාන විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව සෞදි සංවර්ධන අරමුදල සමඟ ද්විපාර්ශ්වික සංශෝධන ණය ගිවිසුම් අත්සන් කිරීම ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත් සන්ධිස්ථානයක්.

ආර්ථික වශයෙන් අභියෝගාත්මක තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවීම ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පවා, මෙරටට අඛණ්ඩව ණය මුදල් ලබා දෙමින් සෞදි අරාබි රාජ්යප වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බවයි මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පැවසුවේ.

එමඟින් කිසිදු බාධාවකින් තොරව සංවර්ධන ව්‍යාපෘතීන්හි සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට හැකියාව ලැබූ බවත් සෞදි සංවර්ධන අරමුදල විසින් ලබා දෙන ලද ණය සහනදායී කොන්දේසි මත ලබා දී ඇති අතර එය රටේ සමස්ත ණය බරට සහනයක්වී ඇති බවත් අමාත්‍යාංශය සදහන් කලා.