Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හම්බන්තොට කුරුළු උද්‍යානයේ හිමිකරු අත්අඩංගුවට

1 year ago

හම්බන්තොට කුරුළු උද්‍යානයේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මරදාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (17) දිනයේ හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 52ක පුද්ගලයෙක්.

නීතිවිරෝධී ලෙස මෙරට ගෙන් වූ අධි ධාරිතාවකින් යුත් යතුරුපැදි සිද්ධියට අදාළව ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස නීතිවිරෝධීව ගෙන්වා තිබූ අධි ධාරිතාවකින් යුත් යතුරුපැදි 21ක් හම්බන්තොට කුරුළු උද්‍යානයේ ගබඩාවක් තුළ තිබී පොලිසිය විසින් පසුගිය සතියේ සොයා ගත්තා.

එම අවස්ථාවේ අදාළ උද්‍යානයේ කළමණාකරුවෙක් සහ ගබඩා භාරකරු අත්අඩංගුවට ගනු ලැබුවා.