Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආරච්චිකට්ටුව පොලිසියේ පහරදීමකින් පාසල් සිසුවෙකු රෝහල්ගත කරයි

1 year ago

ආරච්චිකට්ටුව පොලිසියේ ළමා හා කාන්ත කාර්යාංශයේ ස්ථානාධිපතිනිය පහරදීම හේතුවෙන් තුවාල ලැබූ දරුවෙකු හලාවත මහා රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ ආරච්චිකට්ටුව ග්‍රාමයේ පදිංචි 17 හැවිරිදි දරුවෙක් බවද සඳහන්.

ආදර සම්බන්ධතාවයක් පිලිබදව පැමිණිල්ලක් ලැබී ඇති බව කියමින් මෙම දරුවාව පොලිසියට කැදවා ඇති ඇතත්, පොලිසිය ප්‍රශ්නකර ඇත්තේ ස්ථානාධිපතිනියගේ දරුවාට සිගරට් ලබාදීමක් පිළිබඳව‍යි.

ස්ථානාධිපතිනියගේ දරුවාව මීට පෙර දැක නොමැති බවත් ස්ථානාධිපතිනියගේ දරුවා තමන් දුටුවේත් එම මොහොතේ බවත් එහිදී එම දරුවා පොලිසියට පවසා ඇති බවයි.

වරද පිළිගන්නා ලෙසත්, එසේ නොමැතිනම් දින 14කට රිමාන්ඩ් කරන බවත් පොලිස් ස්ථානාධිපතිනිය එම දරුවාට පවසා ඇති බව සඳහන් වෙනවා.

(source – hiru news)