දෙහිවල දුම්රිය ස්ථානය අසලදී අද (18) මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම වෙඩි තබීමෙන් පුද්ගලයෙකු තුවල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
