අන්තර්ජාලය ඔස්සේ බැංකු ගිණුමකට අනවසරයෙන් ඇතුළු වී රුපියල් ලක්ෂ 50ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සිසුවාව ඊයේ (17) අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වවුනියාව, සින්න පුදුකුලම් ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සිසුවෙක්.
පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ අංශය විසින් විමර්ශන ආරම්භ කර ඇති අතර, එමඟින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
