Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙරට රැඳිසිටි ඉන්දීය ජාතිකයින් 21ක් අත්අඩංගුවට

1 year ago

අන්තර්ජාලය ඔස්සේ සූදු ඔට්ටු ඇල්ලීමේ ජාවාරමක නිතර වී සිටි ඉන්දීය ජාතිකයින් 21 දෙනෙකු ආගමහන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද(18) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පිරිස සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ වීසා ඉකුත් වූ පසුවත් නීතිවිරෝධී ලෙස කිරුලපන ප්‍රදේශයේ නිවසක රැඳී සිටිමින් මෙම ජාවාරම සිදුකර තිබෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශය යටතේ පවතින අවදානම් තක්සේරු කිරීමේ ඒකකයේ නිලධාරීන් විසින් දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසු මේ බව අනාවරණය කර ගැනීමෙන් පසු මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් සියලුදෙනා අවුරුදු 22-36ත් අතර පසුවන්නන් බවද අනාවරණය වී තිබුණා.

මෙම පිරිස කඩිනමින් ඉන්දියාව වෙත පිටුවහල් කිරීම සඳහා වැලිසර පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.