Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් සිසුවියක් රවටා රැගෙන ගොස් නිවසක රඳවාගෙන සිටි ෆේස්බුක් පෙම්වතා අත්අඩංගුවට

1 year ago

පාසල් සිසුවියක් රවටා රැගෙන ගොස් හපුතලේ ප්‍රදේශයේ නිවසක රදවා සිටි සැකකරුවෙකු ලිදුල පොලිසිය මගින් (17) දින රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පාසල් සිසුවිය ලිදුල පොලිස් වසමට අයත් ලෝගි වතුයායේ පදිංචි තලවකැලේ ප්‍රදේශයේ ප්‍රධාන දමිළ පාසලක 10 වන වසරේ අධ්‍යාපනය ලබන (15) හැවිරිදි සිසුවියකි.

පොලිසිය විසින් කරන ලද මූලික පරික්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ එම සිසුවිය මුහුණු පොත ඔස්සේ හදුනා ගත් තරුණයෙක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගෙන පසුව එම තරුණයා එම පාසල් සිසුවියට (15) දින නානුඔය දුම්රිය ස්ථානයට මුණ ගැසීමට පැමිණෙන ලෙස දැනුම් දීමෙන් පසු සිසුවිය නිවසට නොදන්වා නානුඔය දුම්රිය ස්ථානය වෙත ගිය අවස්ථාවේ සැකකරු පාසල් සිසුවිය දුම්රියෙන්ම හපුතලේ දක්වා රැගෙන ගොස් ඇති බවයි.

පාසල් සිසුවියගේ මව ගෘහ සේවයට විදේශගත වී ඇති බවත්, පියා භාරගේ සිටි දියණිය නිවසේ නොමැති බවට පියා විසින් ලිදුල පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත වහා ක්‍රියාත්මක වූ ලිදුල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පාලිත නන්දසිරි මහතා වහා ත්‍රියාත්මක වී පාසල් සිසුවියගේ දුරකථන අංකය ඔස්සේ විශ්ලේෂණය කර නුවරඑලිය ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මණ මහතාගේ උ‍පදෙස් පරිදි හපුතලේ ප්‍රදේශයට ගොස් සැකකරු පාසල් සිසුවිය සමග (17) දින රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

පාසල් සිසුවිය නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන බවත්, සැකකරු නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කරන බවයි ලිදුල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පාලිත නන්දසිරි මහතා කියා සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.