පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට මහාචාර්ය එමරිටස් ලක්ෂ්මන් දිසානායක පත් කර තිබෙනවා.
ඔහු දැනට ශ්‍රී ලංකාවේ මහනුවර පිහිටි ජාතික මූලික අධ්‍යයන ආයතනයේ ඝනීභූත පදාර්ථ භෞතික විද්‍යා අංශයේ පර්යේෂණ මහාචාර්යවරයෙකු ලෙස සේවය කරන අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු ලෙස සේවය කර 2010 සැප්තැම්බර් 30 වන දින විශ්‍රාම ලබා තිබෙනවා.
