තිරප්පනය ප්‍රදේශයේ දී අද (19) උදෑසන වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් 10 දෙනෙකු තුවාල ලබා මේ වනවිට රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසනවා.
එහිදී කැකිරාව දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය කරමින් තිබු වැන් රථයක් එහි රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව තිරප්පනය ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම වැන් රථය අනතුරට පත්වන අවස්ථාවේ දී එහි රියදුරු ඇතුළු පුද්ගලයින් 13 දෙනකු ගමන් කර ඇති අතර, සිදුව ඇති අනතුරින් එහි ගමන්ගත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
