Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වැව් මැනීම ඇරඹේ! වැව් ඇතුළෙ ඉන්න අයට එළියට යන ලෙස ඇමතිගෙන් දැනුම්දීමක්!

1 year ago

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් වැව් රක්ෂිතවල අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා එම රක්ෂිත සීමා යළි සලකුණු කිරීම අද (19) ආරම්භ වුණා.

එහි සමාරම්භක වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ අනුරාධපුර නුවර වැව කේන්ද්‍ර කරගනිමින්.

මෙම වසර තුළදී වැව් 23ක රක්ෂිත මායිම් සලකුණු කිරීමට සැලසුම් කර තිබෙනවා.

මේ යටතේ අනුරාධපුර නුවර වැව, කන්තලේ වැව, ගිරිතලේ වැව, පුත්තලම තබ්බෝව වැව, වාරියපොළ දැදුරුඔය ජලාශය , මින්නේරිය වැව, හම්බන්තොට තිස්ස වැව, හම්බන්තොට රිදියගම වැව, මාපාකඩ දම්බරාවැව, බදුල්ල දෙමෝදර වැව, මඩකලපුව උන්නච්චයි වැව, මඩකලපුව නවකිරිවැව, මාතර කැකණදුර ඇල්ල කන්දවැව ඇතුළු වැව් 23ක රක්ෂිත මායිම් ලකුණු කිරීම සිදුකෙරේ.

මේ අතර කෘෂිකර්ම, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කළේ කෙතරම් විරෝධතා සහ බාධක පැමිණිය ද වැව් රක්ෂිතවල අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කරන බවයි.

“වැවේ මායිම වැවට දිය යුතුමයි. එතකොට වැව් තාවුල්ලේ ඉඳගෙන අත්පුඩි ගහපු අයටත් වැවෙන් යන්න වෙනවා, වන්දි ඉල්ලන්න එන්න එපා වන්දි දෙන්න ඕන රජයට තමන් වැව් තාවුල්ල අස්සට ආවට, වැව් ඇතුළෙ ඉන්න අය කරුණාකරලා එළියට යන්න යවන්න කලින්.”