මාවතගම, පරගහදෙණියේ කුඹුරක ගසක් යට අතහැර දමා ගොස් සිටියදී සොයාගත් දින දෙකක් වයසැති ගැහැණු බිළිඳා හදාවඩා ගැනීමට කැමැත්ත පළකරන පුද්ගලයන්ගෙන් දුරකථන ඇමතුම් 1,000 කට වඩා ලැබී ඇති බව පොලිසිය පවසනවා.
ඒ අතරින් බොහෝ ඇමතුම් පැමිණ ඇත්තේ, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇමරිකා එක්සත් ජනපදය සහ ඉතාලිය වැනි රටවල විදේශයන්හි ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගෙන්ය.
ළදරුවා හදාවඩා ගැනීම පිළිබඳව විමසූ සෑම කෙනකුටම දරුකමට හදාගැනීමේ ක්‍රියාවලියට අදාළ නීතිමය ක්‍රියාපටිපාටි පිළිබඳව දැනුම් දුන්බව පොලිසිය පවසයි.
දරුවාගේ මවගේ අනන්‍යතාව සොයාගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
