Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මල් කැකුළු දෙකක් බිලිගත් මාරක රිය අනතුර

1 year ago

කාර් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටී ඊයේ (19) සිදුවූ අනතුරකින් තිදෙනකු මියගොස් කිහිප දෙනකු තුවාල ලබා තිබෙනවා.

මරණකරුවන් අතර කුඩා දැරියන් දෙදෙනෙක් සහ කාර් රථයේ රියදුරු වන බවයි පොලිසිය පවසන්නේ.

මෙම අනතුරින් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙක් සහ තවත් පිරිමි පුද්ගලයෙක් දඹදෙණිය රොහලට හා නාරම්මල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම අනතුර නාරම්මල – ගිරිඋල්ල මාර්ගයේදී සිදුව තිබෙනවා.

මියගිය දැරියන් දෙදෙනා මාස 09ක සහ මාස 11ක වයසේ පසුවන බවත් රියදුරු වයස අවුරුදු 38ක වූ අයෙක් බව සඳහන්.

ඔවුන් දිවුල්ලෑව, මහව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පැවසෙනවා.

අදාළ අනතුර හේතුවෙන් බස් රථයේ රියදුරු, කොන්දොස්තර හා මගියෙකු ද තුවල ලබා දඹදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පවසන්නේ.

වැඩිදුර විමර්ශන නාරම්මල පොලිසිය විසින් සිදුකරනවා.