මහනුවර නගරයේ පේරාදෙණිය පාරේ පිහිටි මහල් ගොඩනැගිල්ලක වූ රූපලාවණ්‍ය ආයතනයක් තුළදී හදිසියේ සිහි මුර්ඡා තත්ත්වයට පත්වූ පිරිසක් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ.
අදාළ රූපලාවණ්‍ය ආයතනයේ විදුලිය විසන්ධි වීම හේතුවෙන් විදුලි උත්පාදන යන්ත්‍රයක් ක්‍රියාත්මක කර, එහි සියලු දොර ජනෙල් වසා දමා වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම නිසා ඇතිවූ විෂ වායු තත්වයක් හේතුවෙන් මෙම හදිසි තත්ත්වය උද්ගතව ඇති බවට පොලිසිය විසින් සැක කරනු ලබන බවයි වාර්තා වන්නේ.
අසල වෙළඳසැලක සේවකයෙක්, රූපලාවණ්‍යාගාරයේ ඉදිරිපස සිහිය නොමැතිව වැටී සිටි තරුණියක් දැක ඇති අතර ඉන්පසු තවත් කිහිප දෙනෙක් සමග පැමිණ දොර විවෘත කර ඇතුලට ගොස් නිරීක්ෂණය කළ අවස්ථාවේ තවත් තරුණියන් සය දෙනෙකු හා පුද්ගලයකුද එහි සිහි නොමැතිව වැටී සිටින අයුර දැක තිබේ.
එම පිරිස විසින් මේ පිළිබදව පොලිසිය දැනුවත් කර ඇති අතර පසුව සිහි නොමැතිව සිටි පිරිස රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.
මේ අතරින් සය දෙනෙකු මහනුවර ජාතික රෝහලට සහ තවත් දෙදෙනෙකු මහනුවර පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.
මෙම තරුණියන්ගෙන් සිව් දෙනෙකු රූපලාවණ්‍යාගාරයේ සේවයේ නියුතුවූවන් බව පැවසෙන අතර අනෙකුත් පුද්ගලයෝ සේවය ලබා ගැනීම සඳහා පැමිණ සිටි අය බව සඳහන්.
