වයස අවුරුදු 6ට අඩු දරුවන්ට දුරකතන තිරය භාවිත කිරීමට ඉඩ නොදෙන්නැයි අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසනවා.
පුංචි අපට ලොව දිනන්න සෙල්ලමටත් ඉඩක් දෙන්න තේමාව යටතේ මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබද ජාතික සතියේ අවසන් දින වැඩසටහනට එක්වෙමින් අමාත්‍ය සරොජා සාවිත්‍රි පොල්රාජ් මහත්මිය මේ බව කියා සිටියා.
පෙර පාසල් දරුවන්ගේ ක්‍රියාකාරකම් හා ඔවුන්ගේ හැකියාවන් ඉදිරිපත් කිරීමට මෙහිදී අවස්ථාව සලසා දී තිබුණා.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ මුල් ළමා විය සංවර්ධනය පිළිබද ජාතික ලේකම් කාර්යාලය මගිනුයි මෙය සංවිධාන කළේ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය කියා සිටියේ ජංගම දුරකතනයෙන් හැකිතාක් දරුවන් දුරස් කළ යුතු බවයි.
